දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.
| දෙමළ ඊළම தமிழீழம் | |
|---|---|
| මනකල්පත රාජ්‍යය | |
| Tamil Eelam | |
| ජාතික ගීය(ගී): එරුතු පාර් කොඩි Look the Flag is Rising | |
![]() කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය | |
| අගනගරය | කිලිනොච්චිය |
| විශාලතම නගරය | ත්‍රිකුණාමලය |
| දිස්ත්‍රික්ක | |
| සරිය | |
| • මුළු | 21,952 කිමී2 (8,476 සතරැස් සැත) |
| • භූමිය | 20,533 කිමී2 (7,928 සතරැස් සැත) |
| • ජලය | 1,419 කිමී2 (548 සතරැස් සැත) 6.46% |
| ජනගහණය(2009) | |
| • මුළු | 3,496,000 |
| • ඝණත්වය | 160/කිමී2 (410/වර්ග සැත) |
| ජාතීන්(1981) | |
| • ඊළාම් දෙමළ | 1,189,000 (1981) – 1,388,828 (2001) |
| • සිංහල | 45,000 (1981) – 685,896 (2011) |
| • මරක්කල | 415,267 (16.11%) |
| • ඉන්දියානු දෙමළ | 76,905 (2.98%) |
| • අනෙකුත් | 10,292 (0.40%) |
| ආගම්(1981) | |
| • හින්දු | 1,251,742 (48.57%) |
| • බෞද්ධ | 498,938 (19.36%) |
| • මුස්ලිම් | 422,239 (16.38%) |
| • කතෝලික | 381,679 (14.81%) |
| • අනෙකුත් | 22,590 (0.88%) |
| නිල භාෂා | දෙමළ |
මේවාද බලන්න
- වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය
