සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙකි. මානව සංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ

තෝමස් අල්වා එඩිසන්

  • මුල් පිටුව
  • තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙකි. මානව සංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ඉන් සමහරකි.

තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.

ග්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය. 1880 වර්ෂයේදී එඩිසන් ෆ්ලොරීඩා ප‍්‍රාන්ත‍්‍රයේ පදිංචි වු අතර එහිදී ඔහු ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණයේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් සමඟ මිත්‍ර වුයේය. ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණය සඳහා එඩිසන්ගේ දායකත්වයක් ලැබුණේද ඒ හරහාය.

1901 ඔහු සංබරි කලාපයේ සංචාරය කළේ පතල් නිරීක්‍ෂයකු ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ෆැල්කන්බි‍්‍රජ් යපස් නිධිය සොයා ගත්තේය.

එඩිසන් සාර්ථක ව්‍යාපාරිකයකුද වුයේය. ප්‍රවාහන අංශයේ විවිධ ව්‍යාපාර රැසක් ඔහු විසින් හොබවනු ලැබු අතර සිනමා ක්ෂේත‍්‍රය තුළද එවැනි ව්‍යාපාර කටයුතු වලට ඔහු හවුල් වුයේය.

තෝමස් අල්වා එඩිසන් මෙලොව හැර ගියේ 1931 ඔක්තෝම්බර් 18 වන දිනය. ඒ වෙස්ට් ඔරේන්ජ්හි ලේවෙලින් පාර්ක් නම් ස්ථානයේ පිහිටි නිවසේදීය. එඩිසන්ගේ අවසන් හුස්ම රැගත් පරීක්‍ෂණ නලයක් හෙන්රිෆෝඩ් කෞතුගාරයේ තැන්පත් කර ඇත්තේය.

එඩිසන් හැදී වැඩුණේ ඇමරිකානු මැදපෙරදිග ප්‍රදේශයේ ය. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ඔහු ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ අතර, එය ඔහුගේ මුල්ම නව නිපැයුම් කිහිපයක් සඳහා ආභාෂය ලබා දුන්නේය. 1876 ​​දී, ඔහු නිව් ජර්සි හි මෙන්ලෝ පාර්ක් හි ඔහුගේ පළමු රසායනාගාර පහසුකම ස්ථාපිත කරන ලද අතර එහිදී ඔහුගේ මුල් නව නිපැයුම් බොහොමයක් වර්ධනය විය. ඔහු පසුව ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් හි ව්‍යාපාරිකයන් වන හෙන්රි ෆෝඩ් සහ හාවි එස්. ෆයර්ස්ටෝන් සමඟ එක්ව උද්භිද විද්‍යාගාරයක් ද නිව් ජර්සි හි වෙස්ට් ඔරේන්ජ් හි ලොව ප්‍රථම චිත්‍රපට චිත්‍රාගාරය වන බ්ලැක් මරියා ඇතුළත් රසායනාගාරයක් ද පිහිටුවන ලදී. ඔහුගේ නමින් එක්සත් ජනපද පේටන්ට් බලපත්‍ර 1,093ක් මෙන්ම අනෙකුත් රටවල පේටන්ට් බලපත්‍ර සහිතව එඩිසන් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම සාර්ථක නව නිපැයුම්කරු ලෙස සැලකේ.[7] එඩිසන් දෙවරක් විවාහ වූ අතර දරුවන් හය දෙනෙකු බිහි කළේය. ඔහු 1931 දී දියවැඩියා සංකූලතා හේතුවෙන් මිය ගියේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 28, 2026

    චෛත්‍ය

  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

  • අප්‍රේල් 05, 2026

    Time zone

  • මාර්තු 16, 2026

    ලක්දිව රාජාවලිය

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට