
කීර්තිමත් මනෝවිද්‍යාඥයෙකුවූ ජීන් පියාජේ 1896 අගොස්තු මස 09 වන දින ස්විස්ටර්ලන්තයේදී උපත ලැබීය පියාජේ ප්‍රකට දාර්ශනිකයෙතු අද්‍යාපනඥයෙකු හා තර්ත ශාස්ත්‍රඥයෙකු ලෙසද ප්‍රකටය නියුචාටෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකුවූ ආතර් පියාජේ ඔහුගේ පියාය ප්‍රංශ ජාතික රෙබේකා ජැක්ෂන් ඔහුගේ මව විය කුඩා අවධියේ සිටම ඉගෙනුමට දක්ෂතා දැක්වූ පියාජේ පාසැලේ දීප්තිමත්ම සිසුවා විය ඹහු වයස අවුරුදු 10 දී සත්ව විද්‍යාව පිළිබද වාර්ථා ලිවීම ආරම්භ කළේය ජීව විද්‍යාව හා සත්ව විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂයන් විය නියුචාටෙල් පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ අතර උසස් අධ්‍යාපනය නියුචාටෙල් විශ්ව විද්‍යාලය හා සුරීචි විශ්ව විද්‍යාලයෙන් ලැබුවේය.
පෞද්ගලික හා ජීවිතය රැකියාව
ස්විස්ටර්ලන්තයේ න්‍යුචාටෙල් ජනපදයේ ඔහුගේ ජන්ම භූමියයි.පියා ආතර් පියාජේ වූ අතර මව රෙබේකා ජැක්ෂන් නම්විය.ඔහු කුඩාකල සිට ජීව විද්‍යාව හා ස්වභාවික ලෝකය පිළිබද දැඩි ඇල්මක් දැක්වීය.පියාජේට වයස අවුරුදු 15 දී පමණ තම ප්‍රථම ශ්‍රාස්ත්‍රීය ලිපිය ප්‍රකාශයට පත්කළහ.පියාජේ න්‍යුචාටෙල් හා සුරිචි විශ්ව විද්‍යාල වලින් උසස් අධ්‍යාපනය හැදෑරීය.ඔහු තම විෂයයන් ලෙස සත්ව විද්‍යාව හා දර්ශනය හැදෑරීය.න්‍යුචාටෙල් විශ්ව විද්‍යාලයෙන් ඔහු සත්ව විද්‍යාව පිළිබද ආචාර්‍ය උපාධියද ලැබීය.ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයකුව සිටියදී දර්ශනය පිළිබද ශ්‍රාස්ත්‍රීය ලිපි ලිවීය සිදු කළේය.ඔහු මනෝ විද්‍යාඥයෙකු වන්නේ අහඹු සිදුවීමක ප්‍රතිපලයක් ලෙසිනි.ඔහු තම ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු ප්‍රංශයට සංක්‍රමණයවේ.ප්‍රංශයේ බිනේ ආයතනයේ රැකියාවක් ලබා ගන්නා පියාජේ මෙහි පර්යේෂකයෙකු ලෙස සේවය කළේය.මෙම ආයතනයේ ප්‍රධානියා වූ ඇල්ෆට් බිනේට එවක ප්‍රංශ රජව විසින් නියෝගකර තිබුනේ ප්‍රංශයේ පාසැල් සිසුන් අතුරෙන් අමතර අධ්‍යපනික උදවු අවශ්‍ය වන්නේ කුමන දරුවන්ටද යන්න සොයාබැලීමටයි.මේ අනුව බිනේගේ මෙම පර්යේෂණ සහකරුවකු ලෙස සේවය කළ පියාජේට මනෝ විද්‍යාප පිළිබද ඇල්මක් ඇතිවිය.
පියාජේ හා ප්‍රජානන මනෝ විද්‍යාව
ප්‍රජානන මනෝ විද්‍යා ගුරුතුලය තුල සුවිශේෂී චරිතයක් ලෙස ජින් පියාජේ හදුන්වනු ලබයි.
- 1896 උපත්
- මනෝ විද්‍යාඥයන්