සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බොහෝ ජාන වල කාර්යය වන්නේ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ තීරණය කිරීම හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා කේත සැපයීමයි. මෙලෙස ජානයක් මගින් ඊට නියමිත ප්‍රෝටීනය සංස්ලේ

ජාන ප්‍රකාශනය

විකිපීඩියා වෙතින්

බොහෝ ජාන වල කාර්යය වන්නේ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ තීරණය කිරීම හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා කේත සැපයීමයි. මෙලෙස ජානයක් මගින් ඊට නියමිත ප්‍රෝටීනය සංස්ලේෂණය ජානයක ප්‍රකාශනය (gene expression) ලෙස හැඳින්වේ.

ජාන ප්‍රකාශනය හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණයේ යාන්ත්‍රණය

ජාන ප්‍රකාශනය හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණයේ ප්‍රධාන පියවර දෙකකි. එනම්,

  1. ප්‍රතිලේඛනය (පිටපත් කිරීම) - Transcription
  2. පරිවර්තනය - Translation

ප්‍රතිලේඛනය

DNA අණුවක පිහිටන ජානයක අඩංගු විශිෂ්ට ඩිඔක්සිරයිබොනියුක්ලියොටයිඩ අනුපිළිවෙළ m-RNA දාමයක රයිබෝනියුක්ලියෝටයිඩ් අනුපිළිවෙලක් බවට පිටපත් කරනු ලබයි. එලෙස ප්‍රවේනික තොරතුරු DNA වලින් m-RNA වලට පිටපත් කිරීම ප්‍රතිලේඛනය ලෙස හැඳින්වේ.

ප්‍රතිලේඛනයේ ක්‍රියා පිළිවෙල

  1. DNA ද්විත්ව හෙලික්සය දිග හැරීම සිදුවේ.
  2. DNA වල වූ අනුපූරක දාම දෙක අතර වූ හයිඩ්‍රජන් බන්දන බිඳීම මගින් දාම දෙක එකිනෙකින් තාවකාලිකව වෙන්වීම සිදුවේ. ඒ සඳහා DNA හෙලිගේස් එන්සයිමය දායක වේ.
  3. වෙන් වූ දාම දෙකෙන් ප්‍රතිලේඛනය සඳහා දායක වන්නේ එක් පටයක් පමණි. ජානය ඇත්තේ එම පටය තුළ පමණි. එය අච්චුව (template) ලෙසද හඳුන්වයි.

පරිවර්තනය

රයිබොසොමය වෙත පැමිණෙන m-RNA අණුවක භෂ්ම අනුපිළිවෙළ අනුව තීරණය වන ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ එක්කොට රයිබොසොමය මගින් ප්‍රෝටීනයක් තැනීම පරිවර්තනය ලෙස හැඳින්වේ.

ඉහළට