සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චිං රාජවංශය හෙවත් නිල වශයෙන් මහා චිං ([tɕʰíŋ]), චීනයේ අවසාන අධිරාජ්‍යයීය රාජවංශය විය. 1636 වර්ෂයේදී පිහිටවනු ලැබූ චිං රාජවංශය 1644 සිට 1912 දක්වා චීන දේශය පාලන

චිං රාජවංශය

  • මුල් පිටුව
  • චිං රාජවංශය

39°54′N 116°23′E / 39.900°N 116.383°E / 39.900; 116.383

මෙම ලිපිය තුළ Manchu text අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත instead of Manchu alphabet වෙනුවට දිස්වනු ඇත.
මහා චිං

大清
මහා චිං
ᡩᠠᡳ᠌ᠴᡳᠩ ᡤᡠᡵᡠᠨ
1636–1912
චිං රාජවංශය හෙවත් මන්චු රාජවංශය හී කොඩිය
ධජය (1889–1912)
{{{coat_alt}}}
අධිරාජ්‍යයීය මුද්‍රාව
ජාතික ගීය: 《鞏金甌》
"Gong Jin'ou"
(සිංහල: "ඝන රන් බඳුන")
(1911–1912)
1890 දී චිං අධිරාජ්‍යය
1890 දී චිං අධිරාජ්‍යය
අගනුවරමුක්දෙන්
(1636–1644)
බෙයිජිං
(1644–1912)
විශාලතම නගරයබෙයිජිං
නිල භාෂා(ව)මැන්ඩරින්, මැන්චු, මොංගෝලියානු, ටිබෙටියානු, චගටායි , බොහෝ ප්‍රාදේශීය භාෂා සහ චීන භාෂාවේ ප්‍රභේද, ලතින් (වෙළඳ භාෂාව)
ආගම
ස්වර්ග වන්දනාව, බුදුදහම, චීන ජන ආගම්, කොන්ෆියුසියස් ධර්මය, තාඕ ධර්මය, ඉස්ලාම්, යකැදුරුවාදය, ක්‍රිස්තියානි, වෙනත්
ජාති නාම(ය)චීන
රජයපරම රාජාණ්ඩුව
අධිරාජ්‍යයා 
• 1636–1643
හොං තාඉජි අධිරාජ්‍යයා (නිර්මාතෘ)
• 1644–1661
ශුන්ෂි අධිරාජ්‍යයා (බෙයිජිංහි ප්‍රථම)
• 1661–1722
කංෂි අධිරාජ්‍යයා (දීර්ඝතම)
• 1723–1735
යොංශෙං අධිරාජ්‍යයා
• 1736–1796
ක්‌විඅංලොං අධිරාජ්‍යයා
• 1796–1820
ජිආචිං අධිරාජ්‍යයා
• 1821–1850
දාඔගුආං අධිරාජ්‍යයා
• 1851–1861
ෂිආන්ෆෙං අධිරාජ්‍යයා
• 1862–1875
ටොංශි අධිරාජ්‍යයා
• 1875–1908
ගුඅංෂු අධිරාජ්‍යයා
• 1908–1912
ෂුඅංටොං අධිරාජ්‍යයා (අවසාන)
රාජ්‍යාධිකාරී 
• 1643–1650
දොර්ගොන්,රුයි කුමරු
• 1908–1911
ශඉෆෙං, චුන් කුමරු
අග්‍රාමාත්‍ය 
• 1911
යිකුඅං, චිං කුමරු
• 1911–1912
යුවාන් ශිකායි
ඓතිහාසික යුගයපූර්ව නූතන
• පශ්චාත් ජින් පාලනය
1616–1636
• රාජවංශය පිහිටුවීම
අප්‍රේල් 1636
• බෙයිජිං ආක්‍රමණය
1644
• ද්ශුංගාර් එකතු කර ගැනීම
1687–1759
• පළමු ඕපියම් යුද්ධය
1839–1842
• දෙවන ඕපියම් යුද්ධය
1856–1860
• චීන-ජපන් යුද්ධය
1894–1895
• ෂින්හායි විප්ලවය
10 ඔක්තෝම්බර් 1911
• අධිරාජ්‍යයීය රාජාණ්ඩුව අහෝසි කිරීම
12 පෙබරවාරි 1912
වර්ග ප්‍රමාණය
17008,800,000 km2 (3,400,000 sq mi)
179014,700,000 km2 (5,700,000 sq mi)
186013,400,000 km2 (5,200,000 sq mi)
ව්‍යවහාර මුදලකාසි (wén)
ටයෙල් (liǎng)
මුදල් පත්‍ර
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
පශ්චාත් ජින්
ශුන් රාජවංශය
දක්ෂිණ මිං
ද්ශුංගාර් ඛාන් රාජ්‍යය
චීන ජනරජය
මොංගෝලියාව
ටිබෙට්
උර්යන්ඛය් ජනරජය
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
තායිවානය
මොංගෝලියාව
රුසියාව
මියන්මාරය

චිං රාජවංශය හෙවත් නිල වශයෙන් මහා චිං ([tɕʰíŋ]), චීනයේ අවසාන අධිරාජ්‍යයීය රාජවංශය විය. 1636 වර්ෂයේදී පිහිටවනු ලැබූ චිං රාජවංශය 1644 සිට 1912 දක්වා චීන දේශය පාලනය කළේය. එය මිං අධිරාජ්‍යයට අනුප්‍රාප්ති වූ අතර චීන ජනරජයට පූර්වප්‍රාප්ති විය. බහුවාර්ගික චිං අධිරාජ්‍යය සියවස් තුනක් පමණ පැවති අතර නූතන චීනයේ භූමියට පදනම විය. එය භූමි ප්‍රමාණය අතින් ලොව සිව්වැනියට විශාලතම අධිරාජ්‍යය විය.

මැන්චුරියාවේ මන්චු ජාතික අඉසින් ගිඕරෝ පරපුර විසින් මෙම රාජවංශය පිහිටුවන ලදී. දහසයවන සියවසේ අග භාගය වන විට, ප්‍රදේශාධිපතියෙක් වූ නුර්හාසි, මන්චු, හන්-චීන, හා මොංගෝලියානු ජනයාගෙන් සැදුම් ලත් "අෂ්ට ධජ" නම් හමුදා-සාමාජීය සේනා ඒකකයන් සංවිධානය කරන්නට විය. සියලු මන්චු ගෝත්‍ර එක්සේසත් කළ නුර්හාසි, 1616 වසරේ දී පශ්චිම ජින් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ පුතු හොං තාඉජි, ලිආඔඩොං අර්ධද්වීපයෙන් මිං බලමුළු පලවා හැර 1636 දී අභිනව චිං රාජවංශය ස්ථාපනය කළේය. මිං පාලනය බිඳ වැටුණු අතර, දුගී කැරලිකරුවෝ ලී ශිචෙංගේ නායකත්වයෙන් 1644 දී බෙයිජිං අගනුවර ආක්‍රමණය කළෝය. මිං සෙනෙවි වු සංගුයි ඔවුන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කළ නමුදු, දොර්ගොන් කුමරුගේ ධජ සේනාවන්ට ෂන්හායි දොරටුව විවෘත කළ අතර, ඔවුහු කැරලිකරුවන් පරදා අගනුවර යටත් කර ගත්හ. දොර්ගොන් කුමරු ෂුන්ශි අධිරාජ්‍යයා යටතේ රාජ්‍යාධිකාරී වශයෙන් සේවය කළේය. මිං පක්ෂපාතීන්ගෙන් හා වු සංගුයිගේ නායකත්වයෙන් නැගුණු වැඩවසම් ත්‍රිත්වයේ කැරැල්ලෙන් ඇති වූ ප්‍රතිරෝධය හේතුවෙන් සම්පූර්ණ ආක්‍රමණය 1683, එනම් කංෂි අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමය තෙක් ප්‍රමාද විය. 1750 ත් 1790 ත් අතර ක්විඅංලොං අධිරාජ්‍යයාගේ දස මහා සංග්‍රාමයන් අභ්‍යන්තර ආසියාවට චිං බලය පැතිරවීය. චිං රාජවංශයේ උච්චතම සමයේ දී, අධිරාජ්‍යය සම්පුර්ණ මහාද්වීපික චීනය, හයිනාන්, තායිවානය, මොංගෝලියාව, බාහිර මැන්චුරියාව හා බාහිර ඊසානදිග චීනය පාලනය කළේය. මුල් චිං පාලකයෝ සිය මැන්චු සිරිත් විරිත් පවත්වා ගෙන ගිය අතර ටිබෙට් බුදු දහමේ දායකයෝ වූහ. ඔවුන්ගේ නිල නාමය අධිරාජ්‍යයා වූ අතර මොංගෝලියානුවන් සමග කටයුතු කිරීමේදී "බොග්ඩ් ඛාන්" යන නාමය භාවිතා කළහ. ඔවුහු කොන්ෆියුසියානු ක්‍රමය අනුගමනය කරමින් පරිපාලනමය ආයතන මගින් පාලනය කරමින්, මැන්චු පාලකයන් යටතේ හෝ ඔවුන්ට සමාන්තර ව කටයුතු කිරීමට හන්-චීන ජාතිකයන් බඳවා ගැනීම සඳහා අධිරාජ්‍යයීය විභාග පැවැත්වූහ. චීන ශාඛා-රාජ්‍ය ක්‍රමයේ පූර්වාදර්ශය අනුගමනය කරමින් කොරියාව හා වියට්නාමය ආදී සෙසු රටවල සිය උත්තරීතරභාවය තහවුරු කළ ඔවුහු, ටිබෙට් හා මොංගෝලියාව වැනි ආසන්න ප්‍රදේශ සිය ආධිපත්‍යයට නතු කර ගත්හ.

18 වන සියවසේ අග භාගය වන විට මෙම රාජවංශය උච්චතම ස්ථානයට පැමිණියේය. විදේශීය තර්ජන, අභ්‍යන්තර කැරලි, ජනගහන වර්ධනය, ආර්ථික පරිහානිය, මූල්‍ය වංචා හා පාලක ප්‍රභූන් වෙනස් වීමට මැළිකමක් දැක්වීම හමුවේ එය කෙමෙන් පරිහානියට පත් විය. ජනගහනය කෝටි 40කට ආසන්න වුව ද, බදු හා රජයේ ආදායම පහළ අගයක පනවා තිබීම, රාජ්‍ය මූල්‍ය අර්බුදයකට තුඩු දුන්නේය. ඕපියම් සංග්‍රාමවලින් පසුව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය ජාතීන් අසාධාරණ ගිවිසුම් පනවා, නිදහස් වෙළඳාම සහ විදේශීය පාලනය යටතේ ගිවිසුම්ගත වරායන් ඇති කළහ. ටායිපිං කැරැල්ල (1850 - 1864) සහ මධ්‍යම ආසියාවේ ඩන්ගන් කැරැල්ල (1862 - 1877) මෙන්ම දුර්භික්ෂ, ලෙඩ-රෝග හා යුද්ධ හේතුවෙන් කෝටි 2ක්‌ පමණ ජනතාව ජීවිතක්‍ෂයට පත් විය. මෙම ව්‍යසනයන් මධ්‍යයේ වුව ද, 1860 දශකයේ ටොංෂි ප්‍රතිස්ථාපනය අවස්ථාවේ, හන්-චීන ප්‍රභූවරු කොන්ෆියුසියානු සම්ප්‍රදාය හා මැන්චු පාලකයන් වෙනුවෙන් පෙළ ගැසුණහ. ස්වශක්තිකරණ ව්‍යාපාරයෙන් ලැබූ ප්‍රතිලාභ 1895 වර්ෂයේ පළමු චීන-ජපන් සංග්‍රාමයෙන් විනාශ වී ගියේය. ඒ සමඟම චිං අධිරාජ්‍යයට කොරියාව කෙරෙහි තිබි බලපෑම් ද තායිවානය ද අහිමි විය. නව හමුදා සංවිධානය කෙරුණු නමුදු, දූරදර්ශී වූ 1898 දින සියයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, 1861 සිටම ජාතික ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වූ අධිරාජමාතා සිෂී (1835-1908) විසින් ගෙනෙන ලද කුමන්ත්‍රණයකින් ව්‍යර්ථ කෙරිණි. විදේශීය බලවතුන් විසින් සිදු කෙරුණු ජුයෙ සිද්ධිය 1900 වසරේ විදෙස්-විරෝධී, අධිරාජ්‍ය-විරෝධී බොක්සර්වරු ඇති වීම‍ට හේතු විය. එනිසා බොහෝ විදේශිකයන් හා කිතුනුවන් මරණයට පත් වූ හෙයින් අෂ්ට-ජාතික සන්ධානය චීනය ආක්‍රමණය කළේය. අධිරාජමාතා සිෂී බොක්සර්වරුන් හා එක් වූ අතර, ඔවුන් පරාජය වීම හේතුවෙන් රාජසභාව ෂි'අන් වෙත ගෙන යාමට සිදු විය.

බොක්සර් පටිපාටියට එකඟ වූ පසු, රජය විසින් අභිනව මූල්‍ය හා පරිපාලන ප්‍රතිසංස්කරණ, නීති පද්ධතියක්, මැතිවරණ ඇතුළුව හඳුන්වා දෙනු ලැබුණු අතර සාම්ප්‍රදායික අධිරාජ්‍යයීය විභාග ක්‍රමය අහෝසි කෙරිණ. චිං අධිරාජ්‍යය නවීන දේශයක් කිරීම සඳහා සුන් යට්-සෙන් සහ අනෙක් විප්ලවීය ජනරජවාදීන් හා කං යෞවෙඉ සහ ලිආං චිචාඕ වැනි ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවාදීන් ලෙස දෙපාර්ශවයක් ඇති විය. 1908 දී ගුඅංශු අධිරාජ්‍යාගේ සහ අධිරාජමාතා සිෂීගේ මිය යාමෙන් පසුව, සම්ප්‍රදායවාදී මන්චු චිං රාජසභාව නවීකරණවාදීන් හා ප්‍රාදේශීය පාලකයන් නොසලකා හරිමින් සමාජ ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වූහ. 1911 ඔක්තෝබර 11වන දින වුචං කැරැල්ල ෂින්හායි විප්ලවයට හේතු විය. ජෙනරාල් යුවාන් ශිකායිගේ මෙහෙයන් අවසන් අධිරාජ්‍යයා වූ පූයි රාජ්‍යත්වය අත්හැරීමෙන්, රාජවංශය අවසාන විය.

Qing dynasty
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    මෝටර් බයිසිකල්

  • අප්‍රේල් 04, 2026

    ස්වෛරී රාජ්‍යය

  • මැයි 02, 2026

    සංකිර්ණ සංඛ්‍යා

  • මාර්තු 10, 2026

    භාෂාව

  • අප්‍රේල් 07, 2026

    ජෝර්ජියා (රට)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට