සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය

ගජමන් නෝනා

  • මුල් පිටුව
  • ගජමන් නෝනා

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.

ගජමන් නෝනා
අම්බලන්තොට නෝනගම හංදියේ පිහිටි ගජමන් නෝනාගේ පිළිරුව
උපත
දෝන ඉසබෙලා කොරනේලියා ගාර්දිය ආරච්චි

1746 මාර්තු 10
ලන්දේසි ලංකාව
මරණය1815 දෙසැම්බර් 15
බ්‍රිතාන්‍ය ලංකාව
වෘත්තියකවීත්වය
Spouseතල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම්
දරුවන්දොන් ජුවානිස්‌, දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියස්‌
මව්පියන්(s)දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්, ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝ

පටුන

මුල් දිවිය

ගජමන් නෝනා දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස 1746 මාර්තු 10 වනදා උපත ලද්දාය. ඇය දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කෙරුවේය

විවාහයන් සහ දරුවන්

ඇය වයස අවුරුදු දෙවිසි වියේ දී ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි සමඟ විවාහ වුවාය. විවාහයෙන් පසු ඇය ගාල්ලේ තල්පේ යන ප්‍රදේශයේ පදිංචියට ගියාය.ගාර්දියෙස් ආරච්චි හා විවාහයෙන් ගජමන් නෝනා එක්‌ පිරිමි දරුවෙකු ලැබුවාය. ඔහු දොන් ජුවානිස්‌ අල්විස්‌ නම් විය. විවාහයෙන් වසර දෙකකට පසු ගාර්දියෙස් ආරච්චි මියගිය අතර ඉන් අනතුරුව ගජමන් නෝනා නැවත සිය දෙමවුපියන් හමුවට ගියාය. පසුව ඇය මාතර දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් හා දෙවන වරට ද විවාහ වුවාය. නමුත් විවාහයෙන් වසර අටකට පසු ඔහුත් මියගිය අතර එම විවාහයෙන් ඇය දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියස්‌ නම් පුතුන් තිදෙනෙකු ලැබුවාය.

කාව්‍යකරණය

ගජමන් නෝනා එකල දිවයිනේ සිටි උගත් භික්ෂුවක් වූ වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය හැදෑරූවාය. ගජමන් නෝනා විසින් ලියූ ප්‍රසිද්ධ පැදි පෙළ අතර පහත ඒවාද වේ. මෙම පැදි පෙළ වලට අමතරව ඇය සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද කවි ද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී.

  • දැඩිතර ශෝක මාලය
  • දෙණිපිටියේ නුග රුක වැනුම
  • පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය
  • සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි
  • සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ
  • තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම
  • තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය
  • මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම

පුරාවෘත්තය

ගජමන් නෝනාගේ කවීත්වයට ගරු කිරීමක්‌ ලෙස මාතර දිසාපති ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දෙන ලදී. එම ගම "නෝනාගම" නමින් අද ද ප්‍රකටය. ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක්‌ ඉදිකර ඇත. සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    ග්‍රෙගර් මෙන්ඩල්

  • අප්‍රේල් 06, 2026

    නිල වෙදකම

  • මැයි 03, 2026

    ශෂින්ද්‍ර රාජපක්ෂ

  • අප්‍රේල් 09, 2026

    සමක ගිනියාව

  • මැයි 02, 2026

    දීපිකා පාඩුකෝන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට