සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාලිකා පුරාණ (සංස්කෘත: कालिकापुराण), කාලි පුරාණ, සති පුරාණ හෝ කාලිකා තන්ත්‍රය ලෙසද හැඳින්වෙන්නේ හින්දු ආගමේ උප පුරාණ දහඅටෙන් එකකි. මෙම ලියවිල්ල ඇසෑම් හෝ කූච් බෙ

කාලිකා පුරාණ

  • මුල් පිටුව
  • කාලිකා පුරාණ

කාලිකා පුරාණ (සංස්කෘත: कालिकापुराण), කාලි පුරාණ, සති පුරාණ හෝ කාලිකා තන්ත්‍රය ලෙසද හැඳින්වෙන්නේ හින්දු ආගමේ උප පුරාණ දහඅටෙන් එකකි. මෙම ලියවිල්ල ඇසෑම් හෝ කූච් බෙහාර් ප්‍රදේශයෙන් රචනා කර තිබෙන්නට ඇති අතර එය මාර්කණ්ඩේය ඍෂිවරයාට ආරෝපණය කර ඇත එය පරිච්ඡේද 90 සිට 93 දක්වා විවිධ ලෙස සංවිධානය කර ඇති බොහෝ අනුවාද පවතී. පෙළෙහි ඉතිරිව ඇති අනුවාද අසාමාන්‍ය වන්නේ ඒවා හදිසියේම ආරම්භ වන අතර හින්දු ආගමේ මහා හෝ උප පුරාණ ප්‍රභේදයේ ග්‍රන්ථවල දක්නට නොලැබෙන ආකෘතියක් අනුගමනය කරන හෙයිනි. දෙවියන් වෙනුවෙන් කරන විවිධ සත්ව බිලි පූජා ගැනද පුරාණයේ විස්තර වේ.

පටුන

අන්තර්ගතය

මෙම පාඨය ආරම්භ වන්නේ ශිව නැවත ආදරයෙන් බැඳ තබමින් තාපස ජීවිතයෙන් ගෘහපති ජීවිතයට නැවත ගෙන ඒමට උත්සාහ කරන දේවියගේ ජනප්‍රවාද සමඟිනි. ලුඩෝ රොචර්ට අනුව, මාර්කණ්ඩේය බ්‍රහ්මා, ශිව සහ විෂ්ණු "එක හා සමාන" ආකාරය විස්තර කරන අතර සියලුම දෙවඟනන් (සති, පාර්වතී, මේනකා, කාලි සහ අනෙකුත්) එකම ස්ත්‍රී ශක්තියේ ප්‍රකාශනයන් ලෙස විතර කරයි.

රුධිරාධ්‍යාය

පාඨයේ 67 සිට 78 දක්වා පරිච්ඡේදවල ''බලි'' (සත්ව බිලි පූජා) සහ වාමචර තන්ත්‍ර පිළිබඳ සාකච්ඡා කෙරෙන රුධිරාධ්‍යාය සමන්විත වේ. රුධිරාධ්‍යාය කොටස මනුෂ්‍ය බිලි පූජා පිළිබඳ එහි අසාමාන්‍ය සාකච්ඡාවන් කැපී පෙනේ. දේවතාවිය සතුටු කිරීම සඳහා මිනිස් බිලි පූජාවක් කළ හැකි නමුත් යුද්ධයකට හෝ ආසන්න අනතුරකට පෙර කුමරුගේ කැමැත්ත ඇතිව පමණක් කළ යුතු බව ලියවිල්ල තුළ සඳහන් වේ. කායික ආබාධිත, බ්‍රාහ්මණයෙකුට නෑකම් ඇති, හෝ යාගය හරහා "මැරීමට අකමැති" ඕනෑම අයෙකු චාරිත්‍රයට නුසුදුසු බව ද පෙළෙහි සඳහන් වේ.

ඉතිහාසය

කෘතිය අයත් වන්නේ හින්දු ආගමේ මහාදේවියට ​​නැඹුරු වූ ශක්ත නිකායට යි. බොහෝ විට එය මධ්‍යතන කාමරූප (නූතන ඇසෑම්) ප්‍රදේශයේ හෝ ඒ ආසන්නයේ රචනා වී ඇත.

කාලය

හස්රාට අනුව, දැනට පවතින ලියවිල්වල වඩා පැරණි ලියවිල්ලක් පැවති අතර, එම පාඨයේ මූලාරම්භය බෙංගාලය විය. කාලිදාස සහ මාඝ පිළිබඳ සඳහන් කිරීම්වලින් පෙනී යන්නේ එය මුල් පුරාණවලින් එකක් නොවන බවයි. කාමරූප ප්‍රදේශයේ රත්න පාල (920-960) ආශ්‍රිත ස්ථාන සහ සිද්ධීන් ගැන සඳහන් කිරීම හේතුවෙන් 10 වැනි සියවසෙන් පසු ලියවිල්ල ස්ථානගත කරයි.

ග්‍රන්ථ නාමාවලිය

  • Dalal, Roshen (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books. ISBN 978-0-14-341421-6.
  • Dowson, John (1984) [1879]. A Classical Dictionary of Hindu Mythology, and Religion, Geography, History. Calcutta: Rupa & Co.
  • Hazra, R.C. (2003) [1962]. "The Upapuranas". In Radhakrishnan, S. (ed.). The Cultural Heritage of India. Vol. 2. Kolkata: The Ramakrishna Mission Institute of Culture. ISBN 81-85843-03-1.
  • Lawrence, Bruce B. (1976). Shahrastani on the Indian Religions. Walter de Gruyter. ISBN 978-3-11-080099-9.
  • Shastri, Biswanarayan (1994). Kalikapurane Murtivinirdesah. Motilal Banarsidass Publications.
  • Rocher, Ludo (1986). The Purāṇas. Otto Harrassowitz Verlag. ISBN 978-3-447-02522-5.\
  • Rosati, Paolo (2017), "The Goddess Kāmākhyā: Religio-political Implications in the Tribalisation Process", History and Sociology of South Asia 11 (2): 137-155,
    doi:10.1177/2230807517703014
     
  • Shin, Jae-Eun (2018), "Region Formed and Imagined: Reconsidering temporal, spatial and social context of Kamarupa", in Dzüvichü, Lipokmar; Baruah, Manjeet, Modern Practices in North East India: History, Culture, Representation, London & New York: Routledge, pp. 23–55 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ඇරිස්ටෝටල්

  • අප්‍රේල් 04, 2026

    බරාක් ඔබාමා

  • අප්‍රේල් 06, 2026

    වින්ඩ්සර් රාජවංශය

  • අප්‍රේල් 06, 2026

    පපුවා නවගිනිය

  • මාර්තු 31, 2026

    භාරත ජනරජය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට