සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්ලියෝපැට්රා I සයිරා (ග්‍රීක: Κλεοπάτρα Σύρα; ක්‍රි.පූ. 204 පමණ - 176) යනුවෙන් හැඳන්වෙන්නේ සෙලියුකිඩ් අධිරාජ්‍යයේ කුමරියකි. විවාහයෙන් පසුව ඇය ටොලමියානු ඊජිප්තුව

ක්ලියෝපැට්‍රා I

  • මුල් පිටුව
  • ක්ලියෝපැට්‍රා I

ක්ලියෝපැට්රා I සයිරා (ග්‍රීක: Κλεοπάτρα Σύρα; ක්‍රි.පූ. 204 පමණ - 176) යනුවෙන් හැඳන්වෙන්නේ සෙලියුකිඩ් අධිරාජ්‍යයේ කුමරියකි. විවාහයෙන් පසුව ඇය ටොලමියානු ඊජිප්තුවේ රැජින බවට පත්වූවා ය.

ක්ලියෝපැට්රා I සයිරා
ඊජිප්තුවේ රැජින
උපතක්‍රි.පූ. 204 පමණ
මරණයක්‍රි.පූ. 176 හෝ ක්‍රි.පූ. 178/177
වල්ලභයාඊජිප්තුවේ Vවන ටොලමි
දරුවන්ඊජිප්තුවේ VIවන ටොලමි, ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා
රාජවංශයටොලමියානු
පියාමහා IIIවන ඇන්ටියෝකස්
මවලැඔඩිස් III

පටුන

පවුල

Iවන ක්ලියෝපැට්රා, සෙලියුකිඩ් අධිරාජ්‍යයේ රජු වූ මහා IIIවන ඇන්ටියෝකස්ගේත් IIIවන ලැඔඩිස් රැජිනගේත් දියණිය වූවා ය. ක්‍රි.පූ. 193දී ඇය ඊපිප්තුවේ රජු වූ Vවන ටොලමි සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් දරුවන් තිදෙනකුවත් සිට ඇත. එම දරුවන් නම්:

  • VIවන ටොලමි; ක්‍රි.පූ. 186දී උපන්නේ ය.
  • IIවන ක්ලියෝපැට්රා; ක්‍රි.පූ. 187 – 185 අවට කාලයේ උපත ලබන්නට ඇත.
  • VIIIවන ටොලමි; ක්‍රි.පූ. 184 අවට උපන්නේ ය.

චරිතාපදානය

ක්‍රි.පූ. 197දී IIIවන ඇන්ටියෝකස් විසින් මුලින් ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය යටතේ පැවති සුළු ආසියාවේ නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. ක්‍රි.පූ. 196දී සෙලියුකිඩ් රජු සමග ලිසිමේකියාවේ ධී පැවති සාකච්ඡාවකින් පසු රෝමවරු ඊජිප්තුවට සහාය දැක්වූහ. එයට ප්‍රතිචාරයක් ලෙස Vවන ටොලමි සමග සාමදාන වීමට සිතූ IIIවන ඇන්ටියෝකස් සිය දියණිය වූ Iවන ක්ලියෝපැට්රාව Vවන ටොලමිට විවාහ කරදුන්නේ ය. ක්‍රි.පූ. 195දී ඔවුන් විවාහ ගිවිසගත් අතර, ක්‍රි.පූ. 193දී රේෆියාහි දී විවාහ මංගල්‍යය පැවැත්විණි. මේ වනවිට Vවන ටොලමි 16වන වියේ පමණ පසුවූ අතර, Iවන ක්ලයෝපැට්රාගේ වයස අවුරුදු 10ක් පමණ විය. පසුව, ටොලමියානු රජවරුන් පවසන්නට වූයේ Iවන ක්ලියෝපැට්රාගේ දෑවැද්ද ලෙස කොයිලි-සිරියා ප්‍රදේශය ලබාදුන් බැවින්, එම භූමිය නැවත ඊජිප්තුවට අයත් විය යුතු බවයි. නමුත් මේ පිළිබඳ තොරතුරු පැහැදිළි නැත. කෙසේනමුත්, ප්‍රායෝගිකව, ක්‍රි.පූ. පැනියම්හි සටනෙන් පසු කොයිලි-සිරියා ප්‍රදේශය සෙලියුකිඩ් භාරකාරීත්වය යටතේ පැවතිණි.

ඇලෙක්සැන්ඩ්‍රියාව තුළ Iවන ක්ලියෝපැට්රාව හඳුන්වන ලද්දේ සිරියානුවා යන නාමයෙනි. ටොලමියානු වන්දනාව අනුව ඇයට ඇගේ සැමියා සමග තියොයි එපිෆේන්ස් යන නාමයෙන් ගෞරව කෙරිණි. පුරාතන ඊජිප්තු සම්ප්‍රදාය අනුව, ඇයව Vවන ටොලමිගේ ඇඩෙල්ෆ් (=සොයුරිය) ලෙස ද හැඳින්විණි. ක්‍රි.පූ. 185දී මෙම්ෆිස්හි පැවති පූජක සභාවක දී, ක්‍රි.පූ. 196දී Vවන ටොලමි ලද ගෞරව නාමයන් සියල්ල (රොසෙටා පාෂාණයේ ලියා තිබේ) ඔහුගේ භාර්යාවට ප්‍රදානය කෙ‍රිණි.

ක්‍රි.පූ. 187දී, Iවන ක්ලියෝපැට්රා අමාත්‍යවරියක ලෙස පත්කෙරුණු අතර, ක්‍රි.පූ. 180දී ඇගේ සැමියාගේ මරණින් පසු ඇය සිය ලාබාල පුතු වූ VIවන ටොලමි වෙනුවෙන් රාජ්‍ය පානය මෙහෙයවූවා ය. ඊජිප්තුවේ තනි පාලකයා බවට පත් පළමු ටොලමියානු රැජින ඇයයි. මේ බව නිගමනය කළ හැක්කේ ක්‍රි.පූ. 179 සිට 176 දක්වා ලියැවුණු පැපිරසයන්හි සඳහන් සූත්‍ර අනුවයි. මේවායේ Iවන ක්ලියෝපැට්රාව තියා එපිෆේන්ස්ලෙස හඳුන්වා ඇති අතර, ඇගේ නාමය ඇගේ පුත්‍රයාගේ නාමයට ඉදිරියෙන් ලියා ඇත. ඇය විසින් ඇගේම කාසි නිකුත් කළ අතර, ඒවායේ ඇගේ නාමය ඇගේ පුතුගේ නාමයට ඉදිරියෙන් වේ.

2010 ජූනි 22වන දින, පුරාවිද්‍යාඥයින් විසින් ඇගේ රුව දරන රන් කාසියක් ලෙබනන් දේශසීමාව අසල ඊශ්‍රායලයේ ටෙල් කෙඩෙෂ් ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. එය මෙතෙක් ඊශ්‍රායලයෙන් හමුවූ වඩාත් බරැති සහ වටිනාකමින් වැඩිම රන් කාසිය වේ.

සිය මරණයට මඳ කලකට පෙර Vවන ටොලමි සෙලියුකිඩ් රාජධානියට එරෙහිව යුද්ධයක් ඇරඹීමට සැලසුම් කළේ ය. නමුත් Iවන ක්ලියෝපැට්රා රාජ්‍ය පාලකයා බවට පත්වීමත් සමග, ඇය වහාම සිය සොයුරා වූ සෙලියුකස් IV ෆිලොපේටර්ට එරෙහි යුධ ප්‍රකාශය නැවැත්වූවා ය. ක්‍රි.පූ. 176 අවට දී Iවන ක්ලියෝපැට්රා මියගියා ය‍.

පෙළපත

ක්ලියෝපැට්රා I සයිරාහි පවුල
16. (=28.)ඇන්ටියෝකස් I සෝටර්
8. (=14.)ඇන්ටියෝකස් II තියොස්
17. (=29.)සිරියාවේ ස්ට්‍රැටොනිස් කුමරිය
4. සෙලියුකස් II කැලිනිකස්
18. (=20., 30.)ආකියස්
9. (=15.)ලැඔඩිස්
2. මහා IIIවන ඇන්ටියෝකස්
20. (=18., 30.)ආකියස්
10. ඇන්ඩ්‍රොමේකස්
5. ලැඔඩිස්
1. ක්ලියෝපැට්රා I සයිරා, ඊජිප්තුවේ රැජින
24. මිත්රිඩේටස් I, පොන්ටස්හි රජ
12. ඒරියොබාර්සනිස්, පොන්ටස්හි රජ
6. මිත්රිඩේටස් II, පොන්ටස්හි රජ
3. පොන්ටස්හි ලැඔඩිස් කුමරිය
28. (=16.)ඇන්ටියෝකස් I සෝටර්
14. (=8.)ඇන්ටියෝකස් II තියොස්
7. සෙලියුකිඩ් අධිරාජ්‍යයේ ලැඔඩිස් කුමරිය
30. (=18., 20.)ආකියස්
15. (=9.)ලැඔඩිස්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    ටෙනිසන් කුරේ

  • අප්‍රේල් 19, 2026

    බැප්ටිස්ට් ප්‍රනාන්දු

  • අප්‍රේල් 18, 2026

    විද්‍යා ජෝති

  • අප්‍රේල් 07, 2026

    මානව විද්‍යාව

  • අප්‍රේල් 04, 2026

    Short story

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට