සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි. බටහ

කහ ගඟ

  • මුල් පිටුව
  • කහ ගඟ

කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳුවලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.

කහ ගඟ (හොවැං හෝ)
ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග
ප්‍රභවයබයාන් හාර් කඳු, කිංහයි පළාත
මෝයබොහායි මුහුද
ද්‍රෝණියේ පිහිටි රටවල්මහජන චීන ජනරජය
දිග5,464 km (3,395 mi)
ප්‍රභවයේ උස4,500 m (14,800 ft)
Avg. discharge2,571 m3/s (90,800 cu ft/s)
ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය752,000 වර්ග කිලෝ මීටර (8.09×1012 sq ft)

පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර ගංවතුරු උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත.

ආශ්‍රිත

  1. Yellow River (Huang He) Delta, China, Asia
  2. Chinese history records that Yellow River has changed its course 17 times
  3. China's Sorrow." Times Past: Pausing to Remember, http://www.pausingtoremember.net/China%27s_sorrow.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-16 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සෝවියට් සංගමය

  • අප්‍රේල් 05, 2026

    අමරපුර නිකාය

  • අප්‍රේල් 22, 2026

    කාල් මාක්ස්

  • අප්‍රේල් 10, 2026

    List of sovereign states

  • මාර්තු 10, 2026

    ඉස්ලාම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට