![]() | |
| පිහිටීම | යොන්ගින්, ග්යොංගි, දකුණු කොරියාව |
|---|---|
| ඛණ්ඩාංක | 37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°E |
| තේමාව | සම්ගුක් ගොර්යෝ ජොසොන් |
| හිමිකරු | මුන්හ්වා විකාශන සංස්ථාව |
| විවෘත | ජුනි 21, 2011 |
| පෙර හැඳින්වූ නම් | MBC ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아) |
| භූමි ප්‍රමාණය | 2,500,000 square metre (250 ha) |
| වෙබ්අඩවිය | djgpark.imbc.com |
| තත්ත්වය | ක්‍රියාකාරී |
යොන්ගින් දේජංගුම් උද්‍යානය (හංගුල්: 용인 대장금 파크; lit. යොන්ගින් දේ ජං ගුම් උද්‍යානය), හෙවත් මින් පෙර එම්බීසී ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아), යනුවෙන් හැඳින්වූයේ දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ යොන්ගින් නගරයේ පිහිටි, මුන්හ්වා විකාශන සංස්ථාවට අයත් එළිමහන් චිත්‍රපට පසුතලයකි.
පසුබිම
2005 දී නිර්මාණය වූ මෙය, 2,500,000m² ක වපසරියකින් යුක්ත ය. ඉන් සැබෑ පසුතල ඇත්තේ 165,000 m2 භූමි ප්‍රමාණයක ය. මෙම සංකීර්ණය තුළ සම්ගුක්, ගොර්යෝ සහ ජොසොන් යුගවල ගොඩනැගිලි අනුකරණය කරමින් තැනූ ස්ථිර පසුතල දක්නට ලැබේ. මෙය හල්ල්යු උදෙසා ක්‍රියාකාරී ස්ථානයක් ද වේ. මෙහි නාමය වන එම්බීසී ඩ්‍රාමියා යන්න නිර්මාණය කොට ඇත්තේ “drama" සහ "utopia" යන වදන් සංයුක්ත කිරීමෙනි. මූන් එම්බ්‍රසිං ද සන්, දොං යි සහ ක්වීන් සොන්දොක් වැනි ඓතිහාසික නාට්‍ය මාලා රූගත වූයේ මෙහි ය.
2011 ජූනි 21 දින මෙම සංකීර්ණය ප්‍රථම වරට නරඹන්නන් සහ සංචාරකයන්ට විවෘත කෙරිණි. මෑතක දී, එනම් 2015 දී ප්‍රවර්ධන හේතූන් මත මෙම උද්‍යානය යොන්ගින් දේජංගුම් උද්‍යානය ලෙස නම්කෙරුණේ එම්බීසී නාලිකාවේ 2003 ඓතිහාසික නාට්‍යයක් වූ දේ ජං ගුම් හි ප්‍රධාන චරිතය ආශ්රයෙනි.
යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයෙහි රූගත කළ වැඩසටහන්
පහත රූපවාහිනී කතාමාලා රූගත කෙරුණේ යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයේ ය:
- ශින් දොන් (2005)
- ජුමොං (2006)
- යි සන් (2007)
- ක්වීන් සොන්දොක් (2009)
- දොං යි (2010)
- ද ඩුවෝ (2011)
- ග්යේබෙක් (2011)
- මූන් එම්බ්‍රසිං ද සන් (2012)
- මූෂින් (??) (2012)
- ඩොක්ටර් ජින් (2012)
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් (2012)
- ද කිං'ස් ඩොක්ටර් (2012)
- හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි (2013)
- ගු ෆැමිලි බුක් (2013)
- ගොඩස් ඔෆ් ෆයර් (2013)
- ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං (2014)
- එම්ප්‍රස් කි (2014)
- ට්‍රයෑන්ගල් (2014)
- ද නයිට් වොච්මන්'ස් ජර්නල් (2014)
- ශයින් ඕ ගෝ ක්‍රේසි (2015)
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (2015)
- ස්කොලර් හූ වෝක්ස් ද නයිට් (2015)
- ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015)
- ජං යොං-සිල් (2016)
- ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් (2016)
- ද රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් (2017)
- දි එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක් (2017)
- ද කිං ඉන් ලව් (2017)
- ද ක්රවුන්ඩ් ක්ලවුන් (2019)
- හේචි (2019)
- එක්ස්ට්‍රාඕඩිනරි යූ (2019)
- මයි කන්ට්‍රි (2019)
වෙනත් භාවිතා
සංගීත වීඩියෝ
- Stray Kids - “Double Knot (ඉංග්‍රීසි ප්‍රභේ.)” Performance Video (2020)
- Agust D (බීටීඑස් සුගා) - Daechwita (2020)
ගැලරිය
මේවාත් බලන්න
- දේජංගුම් තේමා උද්‍යානය
- මුන්හ්වා විකාශන සංස්ථාව
- දකුණු කොරියානු චිත්‍රපට කලාගාර
- ග්යොංගි පළාතේ සංචාරක ආකර්ෂණයන්
