උමයංගනා වික්රමසිංහ (1980 ඔක්තෝම්බර් 24) යනු ශ්රී ලංකාවේ ජනප්රිය ටෙලිනාට්ය හා චිත්රපට රංගන ශිල්පිණියකි.රංගන ශිල්පිනි මිශෙල් දිල්හාරා ඇගේ සහෝදරියකී.
උමයංගනා වික්රමසිංහ | |
|---|---|
| උපත | 24 ඔක්තෝබර් 1980 කොළඹ, ශ්රී ලංකාව |
| වෘත්තිය | රංගන ශිල්පිනී |
| සක්රීය වසර | 2005 - වර්ථමානය තෙක් |
මුල් අවදිය
1980 ඔක්තෝම්බර් 24 වනදා උපත ලත් උමයංගනා, සිය අධ්යාපන කටයුතු මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්යාලයෙන් හදාරණ ලදී.
වෘත්තීය දිවිය
මුල් අවස්ථාවේදී ටීවී දෙරණ නාලිකාවේ ප්රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කල උමයංගනා, සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්යයයි. පසුව සුන්දරයි ප්රේමය සහ ඉතිං ඊට පස්සේ වැනි රූපවාහිනී ටෙලිනාට්ය ගණනාවකටම සිය රංගනය එකතු කල උමයංගනා, 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ 'වස්සානේ සෙනෙහස' චිත්රපටියේ රඟපාමින්, ශ්රී ලාංකික රිදී තිරයටද පා තබන ලදී.
2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇය, ජනප්රියම ටෙලිනාට්ය නිළිය සඳහා වූ සුමති සම්මානය හිමිකර ගත්තාය.
රංගනයන්
| වසර | චිත්රපටිය | චරිතය | අධ්යක්ෂණය |
|---|---|---|---|
| 2012 | වස්සානේ සෙනෙහස | නිර්මලා | ඩෙන්සිල් ජයවීර |
ආශ්රිත
- Samarasinghe, Sarashi (7 March 2010). "නිව්ස් ප්රසෙන්ටර් ටර්න්ඩ් ඇක්ට්රස්". ද නේෂන්. Retrieved 13 මැයි 2013.
- සුමති එවෝර්ඩ්ස් 2010 විනර්ස් සංරක්ෂණය කළ පිටපත 2013-06-30 at the Wayback Machine. Retrieved 13 මැයි 2013.