සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගය

උඩුනුවර ලංකාතිලක විහාරය

  • මුල් පිටුව
  • උඩුනුවර ලංකාතිලක විහාරය

ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි. ලංකාතිලක විහාරය ගම්පොල යුගයේ ඉදි කෙරූ විශිෂ්ඨතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණයක් ලෙස සැළකේ.

ලංකාතිලක විහාරය
විස්තර
පිහිටුවීම
නිර්මාතෘහතරවන බුවනෙකබාහු රජ ]] founded =
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°14′1.98″N 80°33′53.03″E / 7.2338833°N 80.5647306°E / 7.2338833; 80.5647306
පිහිටීමමහනුවර
ද්වාරය:බුද්ධාගම

පටුන

ඉතිහාසය

ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්‍රයන්ට අනූව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජ (ක්‍රි.ව. 1341-1351) සමයේ ඉදිකොට ලද්දක් බැව් විශ්වාස කෙරේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.[තහවුරු කර නොමැත] පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව, ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී, පොළොන්නරු යුගයේ සිංහල, ද්‍රවිඩ සහ ඉන්දුචීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කොට ගෙන ඇත.[තහවුරු කර නොමැත]gsv

විහාරය

 
පිළිමගෙයි වූ බුද්ධ ප්‍රථිමාවක්

ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. ඉන් පිළිමගෙය ඊටම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හා වාස්තු ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. එහි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම් වලින් සමන්විතය. වර්ථමානයේ මහල් තුනක් පමණක් දැකගත හැකි පිළිම ගෙය, එකල මහල් හතරකින් සමන්විතව තිබූ බව විහාරයෙන් හමුවූ ලංකාතිලක තඹ තහඩුවට අදාල තොරතුරු වලින් හෙළිදරව් වේ.

මීට අමතරව රජවරු විසින් විහාරයට සිදුකරන ලද ප්‍රධානයන් ගැන කියැවෙන, සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම කරවන ලද ශිලා ලේඛන විහාර පරිශ්‍රය තුලදී දැකගත හැකිවේ.

දේවාල

ලංකාතිලක විහාරයේ පිළිමගෙය දේවාල පහකින් සමන්විත වන අතර, විෂ්ණු, ගණදෙවි, සුමන සමන්, විභීෂණ සහ කුමාර බණ්ඩාර යන දෙවිවරු එහි වන්දනාමාන වේ. මින් කුමාර බණ්ඩාර දෙවි ලංකාතිලක විහාරය ආරක්ෂා කරනු ලබන දේවතාවා ලෙස විශ්වාස කෙරේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව
  • ලංකාතිලක විහාරය, පොළොන්නරුව
  • ගඩලාදෙණිය විහාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Thomas Aquinas

  • අප්‍රේල් 05, 2026

    පදාර්ථයේ අවස්ථා

  • අප්‍රේල් 27, 2026

    රජු (චෙස්)

  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • අප්‍රේල් 06, 2026

    ලංකාවේ රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට