සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඊවා ඇනා පෝලා බ්‍රෝන් (Eva Anna Paula Braun) (1912 පෙබරවාරි 06 - 1946 අප්‍රේල් 30) ජර්මනියේ මියුනිච් හිදී උපත ලැබීය. ඇයගේ මව තව ද දියණියන් දෙදෙනකුගේ මව වන අතර පා

ඊවා බ්‍රෝන්

  • මුල් පිටුව
  • ඊවා බ්‍රෝන්
මෙම ලිපිය හෝ ලිපි කොටස ඊවා බ්‍රොන් සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

ඊවා ඇනා පෝලා බ්‍රෝන් (Eva Anna Paula Braun) (1912 පෙබරවාරි 06 - 1946 අප්‍රේල් 30) ජර්මනියේ මියුනිච් හිදී උපත ලැබීය. ඇයගේ මව තව ද දියණියන් දෙදෙනකුගේ මව වන අතර පාසල් ගුරුවරියක වූවා ය. ඊවාගේ දෙමාපියන් 1912 අප්‍රේල් මාසයේදී දික්‌කසාද වී යළිත් 1922 දී ඔවුන් නැවත විවාහ වූයේ ය. ඊවා කතෝලික පාසලකින් මූලික අධ්‍යාපනය ලබා ඉන් පසුව වසර 4ක් කන්‍යාරාමයක වැඩිදුර අධ්‍යාපනය හැදෑරී ය. ඇයට වයස අවුරුදු 17 දී හිට්‌ලර් ගේ නාසි පක්‍ෂයේ නිල ඡායාරූප ශිල්පියා වන "හයින්රිච් හොෆ්මන්" (Heinrich Hoffman) යටතේ ඇය රැකියාවක්‌ ලබා ගැනී ය. මුල් කාලයේ වෙළෙඳ සහායිකාවක්‌, වෙළෙඳ ලිපිකාරිණියක්‌ ලෙස සේවය කළ 'ඊවා' ඉන් පසුව කැමරාව හැසිරවීම හා ඡායාරූප ශිල්පය ගැන පුහුණු වූයේ ය. ඇයට හිට්‌ලර් හමුවනූයේ 'හොෆ්මන්'ගේ චිත්‍රාගාරයේ දී යි.

ඊවා බ්‍රෝන්
උපතපෙබරවාරි 6, 1912(1912-02-06)
මරණයඅප්‍රේල් 30, 1945(1945-04-30) (වයස 33)
Partnerඇඩොල්ෆ් හිට්ලර් (වි. 1945–45)

එකල් හි හිට්‌ලර් ජීවත් වූයේ තම ඥති සොහොයුරියකගේ දියණියක් වූ වයස අවුරුදු 17ක තරුණියක වන "ඇන්ජෙලා රවුබාල්" සමග ය. ඔවුන් දෙදෙන අතර පසුකාලීනව විවිධ ආරවුල් ඇති වූව ද ගෙලී එකට සිටියේ නෑදැකමින් තම මාමා වන හිට්‌ලර් සමඟ ය. 1931 සැප්තැම්බර් 18 වැනි දින වෙඩි තබා මරා තිබුණු ගෙලීගේ දේහය ඇයගේ නිවස තුළදී සොයා ගැනී ය. එය සිය දිවි නසා ගැනීමක්‌ ලෙස මෙන්ම හිට්‌ලර් ඇය ඝාතනය කළ බව විවිධ මතයන් පැතිරී ය. ඇයගේ මරණයත් සමඟම හිට්‌ලර් ඉතාම කනගාටුවට පත්වූ බවත් හඬාවැටුණු බවත් පැවසෙයි.

1945 අප්‍රේල් මස ඊවා පෙම්වතා සමඟ සිටීමට මියුනිච් සිට බර්ලිනයේ පොළොව යට සැකසූ විශේෂ බංකරයට පැමිණියා ය. ඇයව නැවත හරවා යෑවීමට හිට්‌ලර් උත්සාහ කළද ඈ එය ප්‍රතික්‍ෂේප කළා ය. මේ වන විට රුසියානු රතු හමුදාවන් බංකරය වටලා සිටියේ ය. 1945 අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රියේ අප්‍රේල් 29 වැනිදා වන කල් හි ඔවුන් විවාහ විය. එම විවාහ උත්සවයට ගොබෙල්ස්‌, මාර්ටින් බෝමන් වැනි හිට්‌ලර්ගේ මිතුරන් ද එක්‌ ව සිට ඇත. විවාහයෙන් පසු ඇය ඊවා හිට්‌ලර් ලෙසට තම නාමය වෙනස්‌ කර ගැණී ය. 1945 අප්‍රේල් මස 30 වැනි දින වන විට රතු හමුදා බර්ලිනය ආක්‍රමණය කොට අවසාන මොහොතටම එළඹීමත් සමඟ ඇය බංකරය තුළදී සයිනයිඩ් කා සියදිවි නසාගත්තා ය. ඉන් පසුව හිට්‌ලර්ගේ සමීපතමයන් ඔවුන්ගේ දේහයන් ගිනි තබන ලදි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය

  • මාර්තු 26, 2026

    ලිංගික ඉන්ද්‍රියන්

  • මාර්තු 27, 2026

    ශිව

  • මාර්තු 13, 2026

    අශෝක අධිරාජයා

  • මාර්තු 12, 2026

    ජපානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට