සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඊව් ඩෙනීස් කියුරි ලබුයීස් (දෙසැම්බර් 6, 1904 - ඔක්තෝබර් 22, 2007) ප්‍රංශ සහ ඇමරිකානු ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් සහ පියානෝ වාදකයෙකි. ඊව් කියුරි යනු මාරි කියුරි සහ

ඊව් කියුරි

විකිපීඩියා වෙතින්
ඊව් කියුරි
1937දී කියුරි
උපතඊව් ඩෙනීස් කියුරි
දෙසැම්බර් 6, 1904(1904-12-06)
පැරීසිය, ප්‍රංශය
විපතඔක්තොම්බර් 22, 2007(2007-10-22) (aged 102)
නිව් යෝක් නගරය, එක්සත් ජනපදය
වෘත්තියලේඛ්කයෙක්, පියානෝ වාදකයෙක්
පුරවැසිභාවයප්‍රංශය (1904–2007)
එක්සත් ජනපදය (1958–2007)
අධ්‍යාපනයවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය
දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය
උගත් ශාස්ත්‍ර ශාලාවCollège Sévigné
සංගණ්‍ය කෘතිය(න්)Madame Curie (1937)
Journey Among Warriors (1943)
සංගණ්‍ය ප්‍රණාමය(න්)ජාතික ග්‍රන්ථ සම්මානය (1937)
Croix de guerre
Légion d'Honneur (2005)
කලත්‍රයා(යන්)හෙන්රි රිච'ඩ්සන්
ඥාතියා(යන්)මාරි කියුරි (මව)
පියෙරෙ කියුරි (පියා)
අයිරීන් කියුරි (සහෝදරිය)

ඊව් ඩෙනීස් කියුරි ලබුයීස් (දෙසැම්බර් 6, 1904 - ඔක්තෝබර් 22, 2007) ප්‍රංශ සහ ඇමරිකානු ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් සහ පියානෝ වාදකයෙකි. ඊව් කියුරි යනු මාරි කියුරි සහ පියෙරෙ කියුරි ගේ බාල දියණියයි. ඇය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අතර ඇගේ මවගේ චරිතාපදානය "මැඩම් කියුරි" සහ "රණශූරයන් අතර ගමන" යුද වාර්තා පොතක් ලියා ඇත. 1960 ගණන්වල සිට ඇය යුනිසෙෆ් හි වැඩ කිරීමට කැප වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට සහ මව්වරුන්ට උපකාර කළාය. විද්‍යාඥවරියක් ලෙස වෘත්තියක් තෝරා නොගත් සහ නොබෙල් ත්‍යාගය දිනා නොගත් ඇගේ පවුලේ එකම සාමාජිකයා ඊව් ය. ඇගේ සැමියා වන හෙන්රි රිච'ඩ්සන් ලබුයීස් ජූනියර් 1965 දී යුනිසෙෆ් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්තේ කියුරි පවුලේ නොබෙල් ත්‍යාග පහක උරුමය සම්පූර්ණ කරමිනි.

ඉහළට