සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා (Casia Pistula) නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉං

ඇසළ (ගස)

  • මුල් පිටුව
  • ඇසළ (ගස)

ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා (Casia Pistula) නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’අප්පායි, තිරුක්කොනායි, කවානි’ සහ ’කොන්නි’ යන නම් වලින ්ද හැඳින්වේ. මධ්‍යම ප‍්‍රමාණයේ ශාකයකි. වන  පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය. දීප්තිමත් කහ පැහයකින් යුතු දිග කිනිත්තක් ලෙස සැකසුණු පුෂ්ප මංජරියක් හෙවත් පොකුරු වශයෙන් එල්ලා වැටේ.. ගස පුරාම මල් හටගනනා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් අතිශය චමත්කාර ජනක දර්ශනයක මතු කරයි් . ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි.. ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය. මෙහි පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී. දැව ඉතාමත් ශක්තිමතය.. ඇහළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත. ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. [1]

ඇසළ (ගස)
මල් පිපී ඇති ඇසළ හෙවත් ඇහැල
සංරක්ෂණ තත්ත්වය
ඇගයුමට ලක් නොකළ (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
ගණය: 'Cassia'
විශේෂය: ''C. fistula''
ද්වීපද නාමය
Cassia fistula
L.
Synonyms

Many

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    එඩ්වර්ඩ් VIII

  • අප්‍රේල් 03, 2026

    සමාධි පිළිමය

  • ජූනි 18, 2026

    රථ වාහන

  • අප්‍රේල් 20, 2026

    කරුණා අම්මාන්

  • අප්‍රේල් 08, 2026

    ධර්මසිරි බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට