සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාබනික රසායන විද්‍යාවෙහි, ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩ

ඇරෝමැටික සංයෝග

  • මුල් පිටුව
  • ඇරෝමැටික සංයෝග

කාබනික රසායන විද්‍යාවෙහි, ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩි ස්ථායිතාවයක් ලබා දෙන්නාවූ සම්ප්‍රයුක්තතා බන්ධන වළයක්ද සහිත චක්‍රීය (වළලු-හැඩැති), තලයාකාර (පැතැලි) අණුවක් සඳහාය. ඇරෝමැටික අණු ඉතාමත් ස්ථායි වන අතර, අනෙකුත් ද්‍රව්‍ය හා සමගින් ප්‍රතික්‍රියා කිරීම සඳහා පහසුවෙන් විඛණ්ඩනය නොවෙයි. ඇරෝමැටික නොවන කාබනික සංයෝග වර්ගීකරණය කෙරෙන්නේ ඇලිපැටික සංයෝග ලෙසිනි—ඒවා ඇලිචක්‍රීය විය හැකි මුත්, විශේෂ ස්ථායිතාවය (අව ප්‍රතික්‍රියතාව) දක්වන්නේ ඇරෝමැටික වළයන් පමණි.

බෙන්සින් හී වෙනස් සම්ප්‍රයුක්තතා ආකාර දෙකක් (ඉහළ) එක් කිරීමෙන් පොදු ආකෘතියක් තැනෙයි (පශළ)

ඇරෝමැටික සංයෝගයන් අතුරින් බහුලතමයක් බෙන්සින් ( පෙට්‍රෝලියම් සහ එහි ආසූතයන් තුල බහුල ලෙසින් හමුවන ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයකි) වල ව්‍යුත්පන්න වන බැවින්, ඇතැම්විට අරෝමැටික යන පදය වෙතින් අනුපචාරාත්මක ලෙසින් හැඳින්වෙන්නේ බෙන්සින් ව්‍යුත්පන්න වන අතර ආදිතම අර්ථදැක්වීම වෙතින්ද එසේ අදහස්ව ඇත. කෙසේවෙතත්, බෙන්සින්-නොවන ඇරෝමැටික සංයෝග බොහොමයක් පවතියි. ජීවීන් තුල, නිදසුනක් වශයෙන්, වඩාත් බහුල ඇරෝමැටික වළයන් වන්නේ ආර්එන්ඒ සහ ඩීඑන්ඒ සඳහා වන ද්විත්ව-වළයාකාර පාදකයන් වෙති. ඇරෝමැටික් ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ වෙනත් ආදේශකයක් හැඳින්වෙන්නේ ඇරිල් කාණ්ඩයක් ලෙසිනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 14, 2026

    තන්ජෝර් නායක්වරු

  • අප්‍රේල් 12, 2026

    කළු මරණය

  • මැයි 23, 2026

    Susanthika Jayasinghe

  • මාර්තු 10, 2026

    ලිනස් ටොවල්ඩ්ස්

  • මැයි 25, 2026

    Amenhotep III

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට