සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අශ්වඝෝෂ හිමි (දේවනාගරී: अश्वघोष) යනු ක්‍රි.ව. 80 – 150 කාලයේ දඹදිව විසූ පඬිවර භික්‍ෂුවකි. කණිෂ්ක රජ සමයෙහි වැඩ විසූ යැයි අෂ්වඝෝෂ හිමියෝ සර්වාස්තිවාද නිකායිකයෙකි

අශ්වඝෝෂ හිමි

  • මුල් පිටුව
  • අශ්වඝෝෂ හිමි

අශ්වඝෝෂ හිමි (දේවනාගරී: अश्वघोष) යනු ක්‍රි.ව. 80 – 150 කාලයේ දඹදිව විසූ පඬිවර භික්‍ෂුවකි. කණිෂ්ක රජ සමයෙහි වැඩ විසූ යැයි අෂ්වඝෝෂ හිමියෝ සර්වාස්තිවාද නිකායිකයෙකි.සංස්කෘත සාහිත්‍යයෙහි දිදුලන තාරකාවක් බඳු මහා කවි අශ්වඝෝෂ පාදයෝ දාර්ශනිකයෙකි,භක්තිමතෙකී,විචාරකයෙකි, කාව්‍යමය ධර්ම දේශකයෙකි.මුන් වහන්සේ පිළිබඳ පෞද්ගලික තොරතුරු අල්පය. මුන් වහන්සේ වැඩසිටි කාලය පිළිබඳව ස්ථීර නිගමනයකට බැස ගත නොහැකි වුවත්, විචාරකයන්ගේ මතය අනුව කණිෂ්ක රජු (78-100) දවස විසූ බවට එම අධිරාජ්‍යයන්ගේ ඇරයුමෙන් කාෂ්මීරයේ කුණ්ඩලවන විහාරයේ දී කරවූ පළමුවන මහායාන සංගීතියේ දී ප්‍රමුඛ පාර්ශ්ව තෙරුන්ට සය දෙමින් දෙවන ස්ථානයෙහි සිටීමෙන් පෙනේ.

සංගීතියෙන් පසු මහායාන ත්‍රිපිටකයට "මහාවිභාෂා" නම් අටුවාව ලියන ලද්දේ ද අශ්වඝෝෂ හිමියන් විසිනි. "සූත්‍රාලංකාරයෙහි" ආරම්භයේ දී පූර්ණයශස් හා පාර්ශ්ව යන සංගීතිකාරක තෙරවරුන්ට නමස්කාර කිරීමෙන් සමකාලීන සහභාගිත්වය ගම්‍යවේ.පාර්ශ්ව තෙරණුවෝ කණිෂ්ක අධිරාජයාගේ ද ධර්මාචාර්ය-ජේෂ්ඨ අනුශාසක ද වෙති. ගන්ධාරය රාජධානිය කොට ගත් කණිෂ්ක රජුගේ අධිරාජ්‍ය විශාල වූවකි. මධ්‍ය ආසියාවේ විශාල ප්‍රදේශයක් සහ උතුරු ඉන්දියාව ම ඊට අයත්ය. කණිෂ්ක රජ දවස සෙල්ලිපියක (එපිග්‍රැපිකා ඉන්ඩියා,8කා.171පි.) "අශ්වඝෝෂ රාජ"යනුවෙන් දැක්වේ.මෙයින් පෙනෙනුයේ අශ්වඝෝෂ පැවිදි වීමට පෙර කණිෂ්ක අධිරාජ්‍යයන්ගේ යටත් විජිතයක රජු වශයෙන් ක්‍රියා කිරීමයි.එම අදහස සනාථ කරනු පිණිස "ගෝපාල් රඝුනාථ් නන්දගිර්කර්ගේ" බුද්ධ චරිතය සංස්කරණයෙහි (1911) සර්ගයක් පාසා "ඉති ශ්‍රී මහාමණ්ඩලේශ්වර මන්ත්‍ර්‍යශ්වඝෝෂ කෘතෞ ශ්‍රී බුද්ධ චරිතෙ මහාකාව්‍යෙ...." යනුවෙන් දැක්වෙන පාඨය එයට නිදසුන් කළ හැකිය."මහාමණ්ඩලේශ්වර මන්ත්‍රී" යි එනුයේ අධිරාජයෙකු යටතේ මහාමණ්ඩලයෙහි ප්‍රාදේශීය පාලකයා ව සිටීම යි. එමෙන් ම බුද්ධචරිතය කරණ විට අශ්වඝෝෂ පැවිදි ව නො සිටීම ද කියයි.

දිග්විජය කළ කනිෂ්ක මගධය අයත් කරගත් පසු කෝසලය සියතට ගත්තේ ය. එහි දී ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ පඬිවරයෙකු ඔහුට මුණ ගැසිණ. හේ අශ්වඝෝෂ ය. සාකේත නුවර (අයෝධ්‍යා) වැසියෙකි. එහිම උපන්නෙකි. "සුවර්ණාක්ෂිපුත්‍ර" යනු ද නමෙකි. (එය සාරිපුත්ත, මොග්ගලිපුත්ත මෙන් මාතෘ මූලික නම් කිරීමකි.) පෙරළා ගන්ධාර- රාජධානිය බලා ගිය කණිෂ්ක අධිරාජයා අශ්වඝෝෂ ද කැටුව ගොස් විශාරද බුද්ධිමතෙකු වූ ඔහු ප්‍රාදේශීය පාලකයෙකු ලෙස යට කී මන්ත්‍රී - රාජ ධූර සඳහා පත් කොට ඇත. එම වාර්තා අනුව පාර්ශ්ව තෙරුන්ගේ අනුශාසන අසා බෞද්ධයෙකුව මහාසංඝික නිකායේ මහාචාර්ය කෙනෙකු වූ පූර්ණයශස් තෙරුන්ගෙන් වැඩි දුරටත් ධර්මඥානය ලබා පැවිදි වූ කෙනෙකි. අශ්වඝෝෂපාදයන්ගේ "සූත්‍රාලංකාරයෙහි" පළමුව පූර්ණ යශස් තෙරුන් ද දෙවනුව පාර්ශ්ව තෙරුන් ද නමස්කාර කිරීමෙන් එක්කෝ උපාධ්‍යාය ආචාර්ය භක්තිය නැතහොත් තමනට බුදු දහම දැන ගැනීමට කළ සංග්‍රහයට ප්‍රත්‍යෝපහාර වශයෙනැයි සිතීමට අවකාශ දේ. සර්වාස්තිවාදී සම්ප්‍රදාය අනුගමනය කෙරෙමින් මහායාන ව්‍යාප්තියෙහි ව්‍යාපෘත වීම වාර්තාගත යි.

ප්‍රබල දාර්ශනිකයාණ කෙනෙකු වූ අශ්වඝෝෂ තෙරුන් ගැන ඔබගේ ම සෞන්දර නන්දය: "ආර්ය සුවර්ණාක්ෂිපුත්‍රස්‍ය සාකේතකස්‍ය භික්ෂෝරාචාර්ය භදන්තා'ශ්වඝෝෂස්‍ය මහාකවේර් මහාවාදිනඃ කෘති'රියම්"(හරප්‍රසාද ශාස්ත්‍රී, 1910,126 පි.) යි කියයි. මව ආර්ය සුවර්ණාක්ෂි විය. ජන්ම භූමිය සාකේතය නුවර ය."භික්ෂු - ආචාර්ය - භදන්ත - මහාකවි - මහාවාදි" යනුවෙන් කවිකුලගුරු අශ්වඝෝෂාචාර්යන් වෙසෙසා තිබේ. ටිබට් බසින් ලියා ඇති "අශ්වඝෝෂ චරිතය" විවාදයෙහි දක්ෂ වනු දැක්වේ."...ඔහුට විසඳිය නොහැකි වූ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ප්‍රතිබාහනය නොකට හැකි වූ එක ද ප්‍රතිවිරෝධියෙක් නොසිටියේය. ප්‍රබල වාතයෙකින් ගස් මුලින් උපුටා දමන්නාක් මෙන් සියලූම විරුද්ධවාදීන් නෙරපා දැමූහ". (සංසා. 228; සංසා 203 පි.) යන මහාවාදිත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකි.

"අශ්වඝෝෂ හිසින්" පර්යේෂණ කෘතියක් කළ බී.සී. ලෝ පඬිවරයා චීන බසින් ලියැවුණු අශ්වඝෝෂ චරිතයෙහි (1946)"පුණ්‍යාදිත්‍ය පුණ්‍ය ශ්‍රී"යනුවෙන් වෙසෙසා ඇති බව පෙන්වයි. එසේ ම ටිබට් ජාතික ඉතිහාසඥයෙකු වූ තාරානාථ තෙරුන් විසින් (7 සි.ව.) දාර්ශනික ශිරෝමණි අශ්වඝෝෂයන් සඳහා කාල, දූරදර්ශ, මාතෘචේත, පිතෘවේත, ශූර, ධාර්මික-සුභූති, සහ මතිචිත්‍ර යනුවෙන් උපාහාර විශේෂණ භාවිත අයුරු දක්වයි. (3 පි.) "සංක්ෂිප්ත පුරාණ සංස්කෘත සාහිත්‍යය" හිසින් ගෞරීනාත් ශාස්ත්‍රී කළ කෘතියෙහි (1960) කවියෙක්, සංගිතඥයෙක්, පඬිවරයෙක්, ආගමික වාදීභසිංහයෙක්, ආගමික සහනශීලියෙක්, ධෛර්ය සම්පන්න භික්ෂුවක්, සමයාන්තර විශාරදයෙක්, විනය අගය කරන්නෙක් වශයෙන් විස්තර කරයි. (63 පි.)

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 28, 2026

    Healthy diet

  • අප්‍රේල් 10, 2026

    Northeast Asia

  • මැයි 31, 2026

    Joe Biden

  • මැයි 25, 2026

    CNO cycle

  • අප්‍රේල් 08, 2026

    ජයසේකර අපෝන්සු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට