සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අකිරා කුරොසෝවා 1910 මාර්තු 23 දින ටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිම

අකිරා කුරෝසාවා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
අකිරා කුරොසෝවා
උපතමාර්තු 23, 1910(1910-03-23)
ෂිනගාවා(Shinagawa), තෝකියෝ (Tokyo), ජපානය​
මරණයසැප්තැම්බර් 6, 1998(1998-09-06) (වයස 88)
සෙතගායා (Setagaya), තෝකියෝ, ජපානය​
වෘත්තියsචිත්‍රපට අධ්‍යක්‍ෂක, නිෂ්පාදක, තිර පිටපත් රචක, චිත්‍රපට සංස්කාරක.
සක්‍රීය වසර1936–1993
Spouse(s)යෝකෝ යගුචි (Yōko Yaguchi) (1921–1985) (ඇගෙ අභාවය තෙක්); දරුවන් දෙදෙනයි.

අකිරා කුරොසෝවා 1910 මාර්තු 23 දින ටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදී අකිරා කුරෝසාවා චිත්‍ර ඇඳීමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරවන ලදී. මෙයට ඔහුගේ සහෝදර හීගෝගේ බලපෑම ද ඇතිවිය.

1936 දී කුරෝසාවා අධ්‍යයක්ෂකවරුන් සඳහා ආධුනික පාඨමාලාවක් හැදෑරීය. අනතුරුව තිජිරෝ යමාමටෝ ගේ සහයක අධ්‍යයක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු පළමුව අධ්‍යක්ෂණය කල චිත්‍රපටය වුයේ සන්හිරෝ සුගාටා" වේ. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ජාතිකත්ව තේමාවන් නිරූපණය කරයි.

ඔහුගේ පළමු පසු-යුධ සමයේ චිත්‍රපටය වුයේ නෝ රිග්‍රෙට්ස් ජො අවර් යුත්" චිත්‍රපට‍යයි. තුරෝසාවා ඩුන්කන් එන්ජල්", "ස්ට්‍රේ ඩෝග්" වැනි වර්තමාන ජපානය නිරූපණය කරන චිත්‍රපට ගණනාවක් නිපදවන ලදී. ඔහුගේ රෂොමොන්" චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත්වූ අතර ගෝල්ඩන් ලයන්" සම්මානය දිනා ගැනීමට ද සමත් විය. එය පිරිනමන ලද්දේ වේනිස් චිත්‍රපට උළෙලදීය.

කැමරාව නළුවන්ගෙන් බොහෝ ඈතින් තබා ගැනීමෙන් හොඳ රංගනයක් නිපදවිය හැකි බව ඔහු විශ්වාස කළේය. කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා වලින් යුක්ත කට්ටල ඔහු භාවිතා කළේය. ඔහුගේ මෙම කුසලතාවයන් නිසා ඔහුව ටෙනෝ" (අධිරාජ්‍යයා) යන නාමයෙන් හඳුන්වන ලදී. නළුවන්ට අළුත් වේශ ඇඳුම් (costumes) ලබාදීමෙන් චරිත ව්‍යාජබවින් අඩු කල හැකි බව ඔහු විශ්වාස කළේය. සමහර අවස්ථාවල ඔහු නළුවන්ට වේශ ඇඳුම් රංගනයට දින ගණනකට කලින් ලබාදී ඒවා නිතරම අඳින ලෙසත්, එමඟින් එම ඇඳුමට බැඳීමක් ඇතිකරගන්නා ලෙසත් අවවාද කළේය. එලෙසම ඔහු තම චිත්‍රපටවල සංගීතය ලෙස අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගන්නා ලදී.

ජපන් විවේචකයන් ඔහුව ඕනාවට වඩා බටහිරට ලැදි යැයි වර්ග කලත්, ඇත්ත වශයෙන්ම කුරෝසාවා ජපන් සංස්කෘතියෙන් තදින්ම බලපෑමට ලක්වු අයෙකි. උදාහරණ ලෙස කුබුකි හා නෝහ් යන නාට්‍ය ශාලා රංගනයන් හා ජිදෙයිගති නම් ජපන් සිනමාවේ බලපෑම් සැලකිය හැක.

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
අකිරා කුරොසෝවා
  • අකිරා කුරොසෝවා සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
  • අකිරා කුරොසෝවා සඳහා ටීසීඑම් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු Edit this at Wikidata
  • Akira Kurosawa at The Criterion Collection
  • Akira Kurosawa: News, Information and Discussion
  • Senses of Cinema: Great Directors Critical Database
  • Akira Kurosawa at Japanese celebrity's grave guide (ජපන් බසින්)
  • අකිරා කුරොසෝවා සඳහා ජැපනීස් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු (ජපන් බසින්)
  • Several trailers
  • Anaheim University Akira Kurosawa School of Film
  • අකිරා කුරොසෝවා සඳහා රොට්න් ටොමැටෝස් හි ඇති තොරතුරු
ඉහළට